Sunday, May 10, 2020

ඇළහැර කණිෂඨ විද්‍යාලයේ පිහිටීම

ශ්‍රී ලංකාවේ විශාලම පළාත වන උතුරු මැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල පාසල පිහිටා ඇත.

එය අයත් වන්නේ ඇලහැර අධ්‍යාපන කොට්ඨාශයටයි. හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාප කාර්යාලය හා උතුරු මැද පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් එය පාලනය වේ. 

පාසලට ආසන්නතම නගරය වන්නේ බකමූණ නගරයයි. ලංකාවේ ප්‍රධාන ජලාශයක් වන මොරගහකන්ද පිහිටා ඇත්තේ පාසලේ සිට කිලෝ මීටර පහකට ආසන්න දුරකිනි. හිගුරක්ගොඩ අධ්‍යාපන කලාපයේ දකුණෙන් පිහිටි දකුණු කෙළවරේ පිහිටි පාසල මෙයයි එය හුදකලා පාසලක් ලෙස නම් කර ඇත.